කොළඹ ශාන්ත බෙනදික්තය අප ලක් මාතාවට බිහිකල සහිත්‍යදරයන් බොහෝය. ඉතින් 21වන ශතවර්ශයෙන් බිහිවන බෙනදික්තයන්ගේ සාහිත්‍යමය හැකියාවන් සොයායන ගමන් මගයි මේ..

Friday, November 5, 2010

එදා මෙදාතුර බෙනඩික්තයෙන් බිහිවු දේශීය සිනමාවේ ජනප්‍රියතම සුපිරි තරුව, විජය කුමාරතුංග

‘මනමාලයෝ’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවූ අපේ කතානායකයා අප විද්‍යාලීය අදි සිසුවෙකි. 
සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට මුල පිරූ විජය, ප්‍රේමසිරි     කේමදාසයන්ගේ සිතිජය ගීත නාටකයෙන් ගීත ගායනයට හා වේදිකා නාට්‍ය රංගනයට එක් විය.  

                         ඉතාමත් කාරුණික හදවතක් ඇති මහත්මයෙකු ලෙසත් සහ ශ්‍රී ලාංකේය දේශපාලනය තුල සිටි මානව දයාවෙන් සපිරි පුද්ගලයෙකු ලෙසත් අවිවාදයෙන් පිලිගැනෙන විජය කුමාරතුංග මහතා 1945 ඔක්තෝබර් 9 වැනි දින ජා-ඇල සීදූව දී උපත ලැබී ය.    

                         
                            70’ දශකයේ සැහැල්ලු විනෝදකාමී පෙම්වතාගේ් ප්‍රතිරූපය හරහා වානිජමය අතින් අති සාර්ථක වූ චිත්‍රපට රාශියකට සිය රංගනයෙන් දායක වූ විජය හතර දෙනාම සූරයෝ, තුෂාරා, සංගීතා, උන්නත් දාහයි මලත් දාහයි, පෙම්බර මධූ, බඹරු ඇවිත් ආදී චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක විය.
පිට පිටම සය වරක් (මිය ගිය පසු එක්වරක්) ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූ විජය රණ තිසර, ඕ. සී. අයි. සී, විචාරක, ස්වර්ණ සංඛ සම්මානයෙන් ද පුද ලැබීය.      

 එයා දැන් ලොකු ලමයෙක් -1975
පොන්මනී - 1977
බඹරු ඇවිත් - 1977
ගඟ අද්දර - 1980

ද,

සිකුරුලියා
ඔබටයි ප්‍රියේ ආදරේ
මිහිදුම් සිහින
තුෂාරා
නොම්මර 17
ආදී එකල දැවැන්ත ජනප්‍රියතාවයක් ලැබු සිනමාපට රැසකි. එ' අතරට එක් ඉංග්‍රිසි චිත්‍රපටයක් ද, දමිළ චිත්‍රපටයක් ද වේ..  


 දශක දෙකක් මෙරට ජනතාවගේ සිත් සතන් සැනසු විජය කුමාරතුංග නම් මෙම අසහාය පුද්ගලයා 1988 පෙබරවාරි 16 වන දින පොල්හේන්ගොඩ පිහිටි සිය නිවස ඉදිරිපිට දී ලයනල් රණසිංහ නැමති සාහසිකයාගේ ගිනි අවියෙන් ඝාතනයට ලක් විය. ඝාතකයා කුමන කල්ලියකට අයත් වුවද අතිශය ජනාදරයට පත් ව සිටි විජයගේ ගමන්මග නවතාලීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත.

විජය එදා ඝාතනයට ලක් නොවුවා නම්,
ශාන්ත බෙනඩික්තයෙන් බිහිවු
 "විජය කුමාරතුංග" යන නාමය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව තුල රන් අකුරින් සටහන් නොවෙනවා යැයි කාට නම් කිව හැකි ද?
    


 

1 comment:

අයුබෝවේවා..

Grab this