කොළඹ ශාන්ත බෙනදික්තය අප ලක් මාතාවට බිහිකල සහිත්‍යදරයන් බොහෝය. ඉතින් 21වන ශතවර්ශයෙන් බිහිවන බෙනදික්තයන්ගේ සාහිත්‍යමය හැකියාවන් සොයායන ගමන් මගයි මේ..

Monday, December 20, 2010

බෙනඩික්තයන්ගේ වාර්ශික කැරොල් ගායන ප්‍රසන්ගය (“He Comes From The Glory”)

කොලඹ ශාන්ත බෙනඩික් විදුහල විසින් පවත්වන වාර්ශික කැරොල් ගායනා ප්‍රසන්ගය දෙසැම්බර් 21 වන අගහරුවාදා පාසල් ප්‍රදාන ශාලාවේදි උත්කර්ශවත් අයුරින් පැවැත්වේ.මෙම අවස්ථාව වර්ණවත් කිරිම සදහා  පාසල් ගායනා කණ්ඩායම (Choir) සහ පාසල් ඉන්ග්‍රීසි නාට්‍ය කණ්ඩයත් (English Drama Club)  සමග අදි බෙනඩික් ගායනා කණ්ඩායමත් (Choro Benedicte), Voice.Print ගායනා කණ්ඩායමත්  සම්බන්දවේ.


මෙම අවස්තාව සදහා සහබාගී වීමට පාසල් ගායනා කණ්ඩායම විසින් ඔබ සැමට ආරාධනා කරයි.

Friday, November 5, 2010

එදා මෙදාතුර බෙනඩික්තයෙන් බිහිවු දේශීය සිනමාවේ ජනප්‍රියතම සුපිරි තරුව, විජය කුමාරතුංග

‘මනමාලයෝ’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවූ අපේ කතානායකයා අප විද්‍යාලීය අදි සිසුවෙකි. 
සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට මුල පිරූ විජය, ප්‍රේමසිරි     කේමදාසයන්ගේ සිතිජය ගීත නාටකයෙන් ගීත ගායනයට හා වේදිකා නාට්‍ය රංගනයට එක් විය.  

                         ඉතාමත් කාරුණික හදවතක් ඇති මහත්මයෙකු ලෙසත් සහ ශ්‍රී ලාංකේය දේශපාලනය තුල සිටි මානව දයාවෙන් සපිරි පුද්ගලයෙකු ලෙසත් අවිවාදයෙන් පිලිගැනෙන විජය කුමාරතුංග මහතා 1945 ඔක්තෝබර් 9 වැනි දින ජා-ඇල සීදූව දී උපත ලැබී ය.    

                         
                            70’ දශකයේ සැහැල්ලු විනෝදකාමී පෙම්වතාගේ් ප්‍රතිරූපය හරහා වානිජමය අතින් අති සාර්ථක වූ චිත්‍රපට රාශියකට සිය රංගනයෙන් දායක වූ විජය හතර දෙනාම සූරයෝ, තුෂාරා, සංගීතා, උන්නත් දාහයි මලත් දාහයි, පෙම්බර මධූ, බඹරු ඇවිත් ආදී චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක විය.
පිට පිටම සය වරක් (මිය ගිය පසු එක්වරක්) ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූ විජය රණ තිසර, ඕ. සී. අයි. සී, විචාරක, ස්වර්ණ සංඛ සම්මානයෙන් ද පුද ලැබීය.      

 එයා දැන් ලොකු ලමයෙක් -1975
පොන්මනී - 1977
බඹරු ඇවිත් - 1977
ගඟ අද්දර - 1980

ද,

සිකුරුලියා
ඔබටයි ප්‍රියේ ආදරේ
මිහිදුම් සිහින
තුෂාරා
නොම්මර 17
ආදී එකල දැවැන්ත ජනප්‍රියතාවයක් ලැබු සිනමාපට රැසකි. එ' අතරට එක් ඉංග්‍රිසි චිත්‍රපටයක් ද, දමිළ චිත්‍රපටයක් ද වේ..  


 දශක දෙකක් මෙරට ජනතාවගේ සිත් සතන් සැනසු විජය කුමාරතුංග නම් මෙම අසහාය පුද්ගලයා 1988 පෙබරවාරි 16 වන දින පොල්හේන්ගොඩ පිහිටි සිය නිවස ඉදිරිපිට දී ලයනල් රණසිංහ නැමති සාහසිකයාගේ ගිනි අවියෙන් ඝාතනයට ලක් විය. ඝාතකයා කුමන කල්ලියකට අයත් වුවද අතිශය ජනාදරයට පත් ව සිටි විජයගේ ගමන්මග නවතාලීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත.

විජය එදා ඝාතනයට ලක් නොවුවා නම්,
ශාන්ත බෙනඩික්තයෙන් බිහිවු
 "විජය කුමාරතුංග" යන නාමය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව තුල රන් අකුරින් සටහන් නොවෙනවා යැයි කාට නම් කිව හැකි ද?
    


 

විදුහල් අධ්‍යක්ශ ගරු ග්‍රැන්විල් පෙරේරා සහෝදරතුමන්ගේ උපන්දිනයට අපගේ සුභපැතුම්..

ගරු ග්‍රැන්විල් පෙරේරා සහෝදරතුමන්
අද දින (1) අප පාසලට සුවිශේෂි දිනයකි. ඒ අන් කිසිවක් නිසා නොව අප පාසල් අධ්‍යක්ශ ගරු ග්‍රැන්විල්පෙරේරා සහෝදරතුමන්ගේ උපන්දිනය යෙදී ඇතිනිසාය. අප කියවීමේ සංගමය එතුමන්ට සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරමු. එසේම දේව අශිර්වාදය සමගින් එතුමන්ට දීර්ගායු පතමු.

අයුබෝවේවා..

Grab this